අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සූදානම…

USA Olympic 1 News

ලොව පුරා සීඝ්‍රෙයන් පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් රැසක ක්‍රීඩා තරග ඉසව් අවලංගු කර තිබෙන පසු බිමක ඇමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සිය පුහුණුවීම් සිදු කරමින් පවතින බව එරට ඔලිම්පික් කමිටුව පවසයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී ඇමෙරිකානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී සාරා හෂ්ලන්ඩ් සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගී වී අවිනිශ්චිත තත්ත්වයක් බවයි.

එහෙත් එම තරග ඉසව් සඳහා තම කණ්ඩායම සහභාගී කරවීමටද තමන් උත්සහ කරන බවද ඇය එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් එළඹෙන ජුලි මස 24 වැනිදා සිය අගෝස්තු මස 9 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීම තරග සඳහා කොරෝනා වෛරසයෙන් සිදු වන බලපෑම දිගින් දිගමට පවතින බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *