නෝර්වීජියානු පුරවැසි ලාංකීය සම්භවයක් ඇති මාධ්‍යවේදියෙක් ගුවන්තොටේදී ත්‍රස්ත විමර්ශනය බාරයට…

Nadarajah Sethurupan News

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුරූබන් අද අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්කර ඇත.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි සේතුරූබන් අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ප්‍රශ්නකිරීම්වලට ලක්කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප්‍රමාද කළ ඔහු, ඊයේ (2020 ජුනි 20) මැදියම් රැයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ට ළගා වී ඇත්තේ යළි නෝර්වේ බලා යාමට ය. කටාර් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් නෝර්වේ බලා යාමට සූදානම්ව සිටි සේතුරූබන් ට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහුගේ ගමනට බාධා එල්ලවී ඇති බවත්, අද (2020 ජුනි 21) අලුයම 2 ට පමණ ඔහු ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ට යොමු කළ බවත් දැනගන්නට ඇත.

කිසිවෙක් විසින් කන්කසන්තුරේ පොලීසියට කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මෙම පියවර ගත් බව ගුවන්තොටුපල නිලධාරීන් තමන්ට පැවැසූ බව සේතුරූබන් smartsrilanka හි අප සමඟ පැවැසිය. ඒ අනුව, හෙට (2020 ජුනි 22) වන දින කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව තමන්ට එල්ල කරන අභූත චෝදනා හා ගැහැට පිළිබඳව සේතුරූබන් විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වෙතද පැමිණිලි කර තිබේ.

සේතුරූබන් විසින් අද අලුයම සිය මුහුණුපොතේ තබා ඇති සටහනක් පහතින් පලවෙයි.
I am Norwegian Citizen professionally Journalist ( NORWAYNEWS) Blocked by immigration at airport Colombo for unknown reason, I am on my way to Norway from Srilanka , TID Police has taken one statement at Airport also asked me to appear in TID Police Head Office in Jaffna tomorrow to take another statement. Still no reasons given to me ……this is new traveling banned against Norway Journalist Nadarajah Sethurupan under this Government of Srilanka

https://www.facebook.com/sethurupan.n/posts/10222834729686233

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *