හරීන් ගැන තීරණයක් ගන්න ටෙලිෆෝන් කමිටුව රැස්වෙයි…

SJB 20200622 1 FB

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා මහජන රැළියකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධව පියවරක් ගැනීමට, අද (22) සවස්යාමයේ රැස්වන ජාතික සමගි බලවේගයේ කළමනාකරණ කමිටුව සමත්වනු ඇතැයි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

අද උදෑසන එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, අගරදගුරු හිමිපාණන් සම්බන්යෙන් හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තමන් හෙළා දකින බවද ඔහු කීවේ ය.

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *