පුද්ගලික බස් රථ සංගමයක් කළ අමානුෂික ඉල්ලීම…

Bus Service to Maharagama

මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

කොවිඩ්-19 හේතුවෙන් පසුගිය මාර්තු මස සිට පනවන ලද ඇඳිරිනීතිය නිසා මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන් අපහසු තත්ත්වකට පත් වූයේ පොදු ප්‍රවාහන සේවා අඩපණ වීම හේතුවෙනි.

එම නිසා සායන සඳහා පැමිණෙන රෝගීන් ප්‍රවාහනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ සේවාවක් ආරම්භ කළ අතර දිනපතා මෙම බස් සේවාව ක්‍රියාත්මක වේ.

එමෙන්ම සායන සඳහා පැමිණෙන රෝගීන් ආපසු නිවෙස් කරා යාමේ දී ඔවුන්ට වෛද්‍යවරුන් විසින් ලබාදෙන ඖෂධ ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක පවත්වා ගත යුතු හෙයින් බොහෝ බස් රථවල ශීතකරණ පහසුකම් පවා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව පවසමින් එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් රෝගීන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” බස් රථ සේවාව අත්හිටුවන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

නමුත් ඊට ප්‍රතිචාර දැක්වු අමාත්‍යවරයා අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගීන් සඳහා ස්ථාපිත කළ සේවාව කිසිසේත්ම නතර නොකරන බවත්, මෙම සේවාව කොවිඩ්-19 වසංගත තත්ත්වය අවසන් වූ පසුව වුවද පවත්වාගෙන යාමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කර ඇත.

Source : Derana

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *