ගිවිසුම් ගැසූ ලොක්කෝ තරු සාද සමඟ වරාය රහස් පිට ට දෙති…

Port A Smart News

වරායේ නැගෙනහිර ජැටිය හොර ගිවිසුමක් ගසා ඉන්දියාවට හා ජපානයට ලියාදුන් හිටපු ප‍්‍රබලයෙකු කොළඹ තරු පහේ හෝටලයක තවත් වරායේ හිටපු නිලධාරීන් හා වර්තමාන සේවයේ නියුතු නිලධාරීන් පිරිසකට සාදයක් පවත්වා ඇත.

නැගෙනහිර පර්‍යන්තයේ ගැටලුව නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට ලබා දීමට කටයුතු කර තිබීමය.

වරායේ වැඩ වර්ජනයක් නැගෙනහිර ජැටිය මුල් කරගනිමින් පැවැත්වෙද්දී ඉහත සඳහන් නිලධාරීන් හදිසියේම හමු වුණේ ඇයිද යන්න පිළිබඳව විවිධ මත පැතිර යමින් පවතී.

වරායේ JCT පර්‍යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවිකරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති පොලඹවාගෙන රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිර්මාණය කිරීම පසුපස සිටින්නේ කවුද යන්න පිළිබඳව මේ වනවිටත් විමර්ශනයන් ඉහල මට්ටමින් සිදු කරන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නැගෙනහිර පර්‍යන්තය විකුණා දමන්නේ නැති බවට ජනාධිපති හා අගමැති තරයේම කියා සිටියදීත් වරාය වෘත්තීය සමිති ක වර්ජනය පිළිබඳව දැඩි සැකයක් මතුවී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි.

පසු ගිය කාලයේදී වරායෙන් ඉවත් කළ නිලධාරීන් කිහිප දෙනෙක් හා වර්තමානයේ එහි සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකුත් වරාය වාර්තා පිටතට හා වෙනත් විදෙස් පාර්ශවයන්ට ලබා දී ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *